ගැස්ට්‍රයිටිස් ගැන - ගැස්ට්‍රයිටිස් නිට්ටාවටම සුව කළ හැකි සරල ක්‍රම

 

 

ගැස්ට්‍රයිටිස් ආශ්‍රිත රෝග ලක්ෂණ.

ගැස්ට්‍රයිටිස් ආශ්‍රිතව ඇති විය හැකි රෝග ලක්ෂණ පුද්ගලයාට අනුව වෙනස් වීමට හැකි යි. එහෙත් සාමාන්‍යයෙන් මෙම රෝගය ආශ්‍රිතව දැකිය හැකි රෝග ලක්ෂණ ලෙස,
  • උදරයෙහි ඉහළ ප්‍රදේශය ආශ්‍රිතව ඇති වන දැවිල්ල හෝ කැක්කුම.
  • කෑම අරුචිය.
  • නිතර නිතර ඉක්කාවන් ඇති වීම.
  • උගුරෙහි දැවිල්ලක් ඇති වීම.
  • බඩ පුරවා දැමීම හෝ බඩෙහි අපහසුතාවයක් දැනීම.
  • වමනය යාමට ආසන්න සේ හැඟීම හෝ වමනය යාම.
ආදී රෝග ලක්ෂණ හදුනා ගැනීමට හැකි වන අතර, ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඉතාමත් බරපතල මට්ටමකට පැමිණි විට,
  • වමනය සමඟ ලේ පිටවීම.
  • මළ සමඟ ලේ පිටවීම.
  • ශරීරයේ ලේ අඩුකම/ නීරක්තිය
ආදී ලක්ෂණ ද හඳුනාගැනීමට හැකි යි.

 ගැස්ට්‍රයිටිස් නිට්ටාවටම සුව කළ හැකි සරල ක්‍රම දන්නවානම් බය වෙන්න දෙයක් නෑ


වර්තමානයේ ඉතා බහුලව දකින්නට ලැඛෙන ආමාශයේ දැවිල්ල හෙවත් ගැස්ට්‍රයිටිස් ඉතා භායනක රෝගී තත්වයන්ට හා සෞඛ්‍ය තත්වයන්ට මිනිසුන් පත් කරන බවක් පෙනෙන්නට තිබේ. එනිසාවෙන්ම මෙම ගැස්ට්‍රයිටිස් රෝගයට ස්වභාවිකව නිවසේදීම කළ හැකි පිළියම් මෙලෙස ඔබේ නිරෝගී සම්පත තකා පහත දැක්වේ.

සෑම රෝගයකටම පාහේ ඛෙහෙත් සාකච්ඡා කිරීමට මත්තෙන් රෝගය සම්බන්ධව වැටහීමක් තිබීම ඔබට පහසුවක් වනු ඇති.
ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ

1. ඔක්කාරය
2. වමනය
3. ආහාර කුඩා ප්‍රමාණයක් ගත්තද ආමාශය(බඩ ) අධික ලෙස පිරී ඇති බව දැනීම.
4. අමාශය ඇතුලතින් දැනෙන දැවිල්ල.
5. වැසිකිලි නොයෑම.
6. පහත බඩ රිදීම
7. මලපහ අඳුරු පැහැ වීම.

ගැස්ට්‍රයිටිස් සෑදීමට හේතු

1. තෙල් අධික ආහාර
2. ක්ෂණික ආහාර
3. දුම් පානය
4. නිවරදි වේලාවට ආහාර නොගැනීම
5. හෙලිකොබැක්ටර් පයිලරි බැක්ටීරියාව ආමාශ බිත්තියට හානි කිරීම.
6. විටමින් බී12 හිඟකම.
7. අධික වේදනා නාශක භාවිතය.
8. ආම්ලික හා අධික තුනපහ ඇති ආහාර භාවිතය.
9. වයිරස හා දිලීර ආශ්‍රිත ලෙඩ රෝග.
10. ආතතිය හා අධික වෙහෙස.

දැන් අප කළ හැකි සරල පිළියම් සොයා බලමු.

1.හීන් මඳුරුතලා 

දිනකට හීන් මඳුරුතලා කොළ 4,5ක් පමණ අමුවෙන් කන්න. නැතිනම් හීන්මඳුරුතලා කොටා යුෂ තේ හැදි 1ක් ඉඟ=රු යුෂ තේ හැදි එකක් සමඟ මිශ්‍ර කොට එකවර බොන්න. 


2. යෝගට්

දිනකට යෝගට් දෙකක් හෝ තුනක් ආහාරයට ගන්න. නැතිනම් යෝගට්, කෙසෙල් හා මී පැණි දමා ස්මූදි එකක් සාදාගෙන බොන්න.

3. ඉගුරු 

ඉගුරු (මුල ) තේ හැන්දක් පමණ නටන උනු වතුර කෝප්ප 1ට දමා විනාඩි 10ක් තිඛෙන්නට හරින්න. දැන් එය පෙරාගෙන එයට මී පැණි ස්වල්පයක් එකතු කරගන්න. දිනකට දෙවරක් බැඟින් සතියක් පමණ පාණය කරන්න.


4. මාදුරු


නටන උණු වතුර එකකට මාදුරු තේ හැන්දක් දමා විනාඩි 10ක් තිඛෙන්නට හරින්න. ඉන් පසු එය පෙරා මී පැණි ස්වල්පයක් දමා පානය කරන්න. ඉක්මන් ප්‍රථිඵල සඳහා දිනකට තුන් වරක් බැගින් සතියක් බොන්න.

5. වැල් මී


වැල් මී කුඩු තේ හැඳි 1ක් නටන උණු වතුර කෙප්පයකට දමා විනාඩි 10ක් තිඛෙන්නට හැර පෙරා දිනකට දෙවරක් හෝ තෙවරක් බොන්න.

6. අල


අල ගෙඩියක් පොතු ගසා ගෙන ග්‍රේට් කරගන්න. ග්‍රේට් කරගත් අල යුශ ටික එකතු කරගන්න. අල යුෂ වීදුරු භාගයකට උණු වතුර ටිකක් එකතු කරගන්න. සෑම කෑම වේලකටම විනාඩි 30කට පෙර මෙය සතියක් පුරා පානය කරන්න.

තවත් කළ හැකි දේ.....

 ඇඳට යෑමට අඩුම තරමේ පැය 2කට වත් පෙර රාත්‍රී ආහාරය ගන්න.

 හැකිතාක් ජලය පානය කරන්න. 

 දිනකට දෙවරක් වත් පොල් වතුර පානය කරන්න.


 හැකි නම් ග්‍රීන් ටී පානය කරන්න.

 සෙමින් ආහාර ගන්න. හොඳින් විකන්න. කුඩා ආහාර වේල් නිශ්චිත කාල අන්තරයන් වලදී ගන්න.

 කෑම කන අතර ජලය පානය කිරීමෙන් වළකින්න.එය ආහාර දිරවීම පමා කරනු අති. 

 ආතතිය අඩු කරගන්න. සතුටින් සිටින්න. භාවනාවක් හෝ යෝගා කිරීමට පුරුදුවන්න

 මස්, අධික සැර කෑම, දුම් පානය කිරීම, වැනි ආමාශයට හානි වන දේ කිරීමෙන් වලකින්න. 

Post a Comment

Previous Post Next Post

Total Pageviews

Translate