අලිගැටපේර දිනපතා ආහාරයට ගත්තොත් ශරීරයට වෙන දේ



අලිගැට පේර කියලා කියන්නෙ හරිම රසවත් පලතුරක්. කොළ පලතුරු වලට කැමති අයගෙ ලිස්ට් එකේ උඩම තියෙන්නෙ අලිගැටපේර.අලිගැට ආහාරයට එකතු කරගත්තම සුදු වෙනවා , සම පැහැපත් වෙනවා කියන කතාව ඔබ මීට පෙර අසාඅ ඇති.සීනි එක්ක හරි ජූස් එකක් හදාගෙන හරි අලිගැට පේර කන්න පුරුදු වෙලා හිටපු අයට අලිගැට පේර වලින් හදාගන්න පුලුවන් රසවත් කෑම කිහිපයක රෙසිපි වගේම අලිගැට පේර කෑවම ඔයාට මොනවගේ ප්‍රතිඵලද ලබා ගන්න පුළ්වෞඅන් කියන එක ගැනයි මේ කියන්න යන්නෙ.


1.අලිගැටපේර වලින් බර අඩු කරගන්න ඔබට පුළුවන්.




මොනවා හරි කෑමක් කෑවාම බර අඩුවෙනවා කියලා දැනගෙන හිටියෙ නෑ නේද?ඇත්තෙන්ම ඔව්, අලිගැටපේර වලට බර අඩු කරගන්න උපකාරි වෙන්න පුළුවන්. උසට සරිලන මහතක් හෙවත් බී.එම්.අයි අගය නියමාකාරයෙන් තියාගන්න බර පාලනය කරමින් තෘප්ත බවක් දනවන්න අලිගැටපේර කටයුතු සිදු කරනවා. එහි තිබෙන අධික තන්තුමය ස්වභාවය හේතුව නිසා තමයි මේ ආකාරයට පිරුණු බව දනවමින් අපිට තව තවත් ආහාර ගැනීම නවත්වා පාලනයක් ඇති කරනු ලබන්නේ. සාමාන්‍යය අලිගැටපේර ගෙඩියක ග්රෑම් 14ක් පමණ මෙම තන්තු අඩංගු වෙනවා.
සීනි වැඩිපුර භාවිතා කරන්නෙ නැතිව වැඩිපුර ආහාරයට ගන්නවා නම් සිහින් ඉඟක් සහ හොඳ බී.එම්.අයි අගයක් තියාගන්න අලිගැටපේර තරම් හොඳ පලතුරක් මේ ලෝකයේ තවත් ඇත්තේ නැහැ


2.අලිගැටපේර මගින් සම සහ ඇස් පෙනීම තරුණ කරවනවා





අලිගැටපේරවල තිබෙන කැරොටිනයිඩ නැමැති ද්‍රව්‍යය අපේ ශරීරයට බෙහෙවින් වැදගත් වෙනවා. ලුටෙයින් සහ සීක්සැන්තින් හේතුවෙන් වයසට යාමත් එක්ක ඇතිවන සුළු අක්ෂි ආබාධ වළක්වන්න අලිගැටපේර ආහාරයට ගන්න එක හෝ පානය කරන එක ඉතා වැදගත් වෙනවා. මීට අමතරව, මේ පෝෂක දෙක යූවී කිරණ වලින් සමට සිදුවූ හානි නවතමින් සුමුදු සහ සෞඛ්‍ය යමත් සමක් ගෙන දෙනු ලබනවා. අලිගැටපේරවල තිබෙන කැරොටිනයිඩ බොහොම පහසුවෙන් අවශෝෂණය කරගන්න හැකි නිසා වෙනත් එළවළු, පලතුරුවලට වඩා වඩාත් හොඳ තෝරාගැනීමක් බවට අලිගැටපේර පත් වනවා.
ඉදුණු කෙසෙල් ගෙඩි 1, යෝගට් ,කෝප්ප 1 ක දොඩම් යුෂ , අලිගැටපෙර ස්මූදීස්, ඉදුණු අලිගැටපේර , අවශ්‍යය නම්, අයිස් හා සීනි අවශ්‍යය ප්‍රමාණයට සූදානම් කරගන්න . මේ ඔක්කොම බ්ලෙන්ඩර් කරලා හොඳින් කළවම් කරගන්න.ඊට පස්සෙ බේකන් පීච් තැවරුමක් පැණි රසට ප්‍රිය නොකරන කෙනෙක්ට, පාන් හෝ චිප්ස් වැනි දෙයක තවරගෙන කන්නට පුළුවන්. බේකන් සහිත තැවරුමක් විධියටත් අලිගැටපේර ඔයාට හදාගන්න පුළුවන්.

සිහිනියට ලියාගත් රතු ළූණු ගෙඩි , බැදගත් බේකන් තීරු 2 ක් , ඉදුණු පීච් ගෙඩියක්, ඉදුණු අලිගැටපේර ගෙඩි 2ක් ,රස අනුව ලුණු සහ ගම්මිරිස් , පීච් ගෙඩි කුඩා කොටු විදියට කපාගෙන ඒවා බඳුනකට දමා ගන්න. අලිගැටපේර මදය සූරලා අරගෙන ඒවා එක්ක කලවම් කරලා බැදගත්තු බේකන් නුත් එයට එකතු කරන්න. ලියාගත් ළුණු ඊට යොදලා ලුණු සහ ගම්මිරිස් අවශ්‍යය ප්‍රමාණයට දාගන්න ආහාරයට එකතු කරගන්න.


3.අලිගැටපේර පිළිකා අවදානම අඩුකරනු ලබනවා.


විවිධ ශාකවල තිබෙන සක්‍රීය සංයෝග වන ෆයිටොරසායනික සහ ෆීනෝල් අලිගැටපේර වල අඩංගු වෙනවා. ඒවගේම තමයි ග්ලූටතොයින් නම් ප්‍රෝටීනයත් එක්ක සැන්තොෆිල් ලුටෙයින් නැමැති කැරොටිනය තියෙන නිසා පිළිකා අවදානම අවම කරන්න අලිගැටපේරවලට තියෙන්නේ විශ්මිත හැකියාවක්. විශේෂයෙන් මුඛ පිළිකා අවදානමට අලිගැටපේර ඉතා හොඳ විසඳුමක්. ප්‍රාථමික මට්ටමේ පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා පියයුරු පිළිකා මෙන්ම පුරුෂයන්ගේ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා වළක්වන්නටත් හැකියාව තිබෙන බව. ඒ වගේම තමයි අලිගැටපේර තියෙන ප්‍රති-පිළිකා හැකියාවන්ට ලියුකේමියා සෛල වලට බලපෑම් සිදු කරන්නටත් පුළුවන් බවට දැනට මත පළවී තියෙනවා.

Post a Comment

Previous Post Next Post

Total Pageviews

Translate