සමට සත්කාර කිරීමේදී ඔබ දැනසිටිය යුතු මූලික කරුණු

ම වියලීම කරදර රැසකටම හේතුවක්. සම රැලි වැටීමට, හම යාමට හේතු වෙන්නේත් සම වියලිමයි. සම වියළි භාවයට පත් වීමට හේතු වෙන්නේ තෙතමනය හා මේදය අඩු වීමයි. සම වියළීමෙන් වලකා ගන්න නම් ඒ සඳහා අවශ්‍ය සත්කාර කළ යුතු වෙනවා. ඒ වගේම විවිධ රසායන අඩංගු ආලේපන භාවිතය, බාල වර්ගයේ මේකප් භාවිතයත් මේකට හේතුවක්. ඔබේ සමත් නිතර වියළි ස්වභාවයක් තියනවනම් පහත කරුණු කියවල වියළි සමකට කළ යුතු හා නොකළ යුතු දේවල් මොනවද කියල හරියටම දැන ගන්න.


01). දුම් පානය, මත් පැන් පානය හා කැෆේන් අඩංගු පාන වර්ග අධිකව පානය සම වියලීමට හේතුවක් වෙනවා. එයින් ඔබේ පෙනුම අවලස්සන වෙනවා. ඔබත් මේ දේවල් පාවිච්චි කරනවා නම් අදම එක නතර කරන්න.
02). දිනකට වතුර වීදුරු 6-8 ත් අතර ප්‍රමාණයක් පානය කරන්න. සමේ තෙතමනය රඳවා ගැනීමට ජලය කියන්නේ ඉතාම අත්‍යවශ්‍ය දෙයක් ඒ නිසා අනිවාර්යන්ම ජලය වැඩිපුර පානය කරන්න. ඔබට මෙය අමාරු නම් නැවුම් පලතුරු යුෂ හෝ ජලය අඩංගු අහාර වැඩිපුර ආහාරයට ගන්න.
03). විවිධ දේශගුණික වෙනස්වීම් ද ඔබේ සමේ වියළි බවට බලපානවා. ඒ නිසා උසස් තත්ත්වයේ මොයිස්චරයිසින් එකක් භාවිත කරන්න අමතක කරන්න එපා.
04). නිතර නිතර උණු වතුරෙන් නෑමෙන් සහ වැඩි වෙලාවක් නෑමෙන් සමේ තෙල් ගතිය නැති වී යන්න පුළුවන්. ඒ නිසා නිතර නිතර උණුවතුරෙන් නෑමෙන් වලකින්න. ඒ වගේම දිගු වෙලාවක් නෑමෙන්ද වලකින්න.
05). සැර රසායනික ද්‍රව්‍ය අඩංගු සබන් භාවිතය ද සම වියලීමට හේතුවක්. ඒ නිසා ජෝජෝබා හෝ අලිගැටපේර වැනි ස්කන්ධ තෙල් අඩංගු ස්වභාවික නිෂ්පාදන භාවිතයට හුරු වන්න.
06). ඔබ ඇඟ සෝදන විට ජලයට ආමන්ඩ් ඔයිල්, ඔලිව් ඔයිල්, හෝ ජෝජෝබා ඔයිල් තේ හැන්දක් පමණ එකතු කරන්න. එය ඔබේ සමේ තෙතමනය රඳවා ගැනීමට උපකාරී වේවි.
07). ආහාර ගැන ද සැලකිලිමත් වන්න. ඔමේගා 3 අම්ල, විටමින් C, මැග්නීසියම් කියන්නේ සමේ වියළි බව අඩු කිරීමට උපකාරී වන සංයෝග. ඔබේ ආහාර වේලට මෙවැනි දේ වැඩිපුර එකතු කර ගන්න.
08). ඔලිව් ඔයිල් කියන්නේ වියළි සමට ඉතාම හොඳ සත්කාරයක්. ඔබ නෑමෙන් පසු සිරුර පුරා ඔලිව් ඔයිල් ආලේප කරන්න. එහෙම නැතිනම් ඔබ භාවිතා කරන මොයිස්චරයිසින් ක්‍රීම් එකට ඔලිව් ඔයිල් ස්වල්පයක් මිශ්‍ර කරන්න. මෙයින් ඔබට සමේ වියළි බව නැති කර ගත හැක.
09). සති දෙකකට වරක් ඔබේ සම ස්ක්‍රබ් කර පිරිසිදු කරන්න. ඔබේ සමේ මැරුණු සෛල ඇති විට සම මොයිස්චරයිසින් ආදියට ප්‍රතිචාර දැක්වීමෙන් වැලකී යනවා.ඒ නිසා ස්ක්‍රබ් කර මැරුණු සෛල ඉවත් කරන්න.
10). මී පැණි කියන්නෙත් සමේ තෙතමනය ආරක්ෂා කරන තවත් හොඳ පෝෂකයක්. ඔබ ස්නානය කිරීමට පෙර සිරුරේ මී පැණි ආලේප කර විනාඩි 10ක් පමණ සිටින්න. ඉන්පසු ස්නානය කරන්න. මෙය දිනපතා සිදු කිරීමෙන් ඔබේ සමේ වියළි බව නැති වී තෙතමනය ආරක්ෂා කර දෙයි.

Post a Comment

Previous Post Next Post

Total Pageviews

Translate