නින්ද නොයන අයට සේපලිකා මල් වලින් හදන බෙහෙතක්..







රාත්‍රියේ සුපිපෙන කාන්තිමත් සුවඳක් පවතින මලක නමක් කියන්න කීවොත් බොහෝ විට ඔබ පළමුවෙන්ම සේපාලිකා කියන නම කියාවි. ඒ තරමටම මේ මල ගොඩක් සුවඳවත්. පූජාමය පුෂ්පයක් වන සේපාලිකා පුෂ්පයේ සුගන්ධවත් බව සහ පූජනීය බව වගේම මෙය අගනා ඔෟෂධීය කුසුමක් කියල පැවසුවොත් ඇතැමෙක් මවිත වේවි. නමුත් ඇත්තම කතාව ඒක තමයි. සේපාලිකා කියන්නේ දේශීය වෛද්‍ය විද්‍යාවේ රෝග රැසකට සුවය පිණිස ගනු ලබන ඔෟෂධීය කුසුමක්.


රාත්‍රියේ සුපිපෙන කාන්තිමත් සුවඳක් පවතින මලක නමක් කියන්න කීවොත් බොහෝ විට ඔබ පළමුවෙන්ම සේපාලිකා කියන නම කියාවි. ඒ තරමටම මේ මල ගොඩක් සුවඳවත්. පූජාමය පුෂ්පයක් වන සේපාලිකා පුෂ්පයේ සුගන්ධවත් බව සහ පූජනීය බව වගේම මෙය අගනා ඔෟෂධීය කුසුමක් කියල පැවසුවොත් ඇතැමෙක් මවිත වේවි. නමුත් ඇත්තම කතාව ඒක තමයි. සේපාලිකා කියන්නේ දේශීය වෛද්‍ය විද්‍යාවේ රෝග රැසකට සුවය පිණිස ගනු ලබන ඔෟෂධීය කුසුමක්.

පාරිජාත කුලයට අයත් සේපාලිකා, පාරිජානී, නිෂී පුෂ්පිකා, මන්දාර යන අන්වර්ථ නාමයන්ගෙනුත් හඳුන්වනවා. ව්රජබචදබඩඥඵ චඩපඡධපබපඪඵබඪඵ නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන සේපාලිකා අයත් වන්නේ ර්ණීතඥචජඥචඥ කුලයට. අඳුරේ පිපී උදේට හැලී යන නිසයි මේ පුෂ්පයට නිෂී පුෂ්පිකා යන නම භාවිත කරන්නේ.
ඉන්දියාව, බුරුමය, ලංකාව, මැලේසියාව වැනි රටවල රෝපණය වන සේපාලිකා ශාකයේ මල්, පොතු, කොළ, මුල්, ඇට යන අංග දේශීය වෛද්‍ය විද්‍යාවේදී ඔෟෂධ පිණිස ගනු ලබනවා.

මීටර් 10ක වගේ උසකින් සමන්විත සේපාලිකා ශාකයේ සුදු පැහැති මලේ නටුව තැඹිලි පාටයි. ඉතා සුවඳවත් සේපාලිකා කුසුම් පිපුණු ගහක් ළඟින් යද්දී ඔබට දැනෙන සුවඳ කොයි තරම්ද? ඒ තරමටම සමාන ඔෟෂධීය ගුණයකුත් මේ ඔෟෂධීය ශාකයේ පවතිනවා. පොකුරක් ලෙස මල් පීදෙන සේපාලිකා පුෂ්පය තමයි බටහිර බෙංගාලයේ ඔවුන්ගේ ජාතික පුෂ්පය වන්නේ.

හින්දු උත්සවවලදී, ආගමික පූජාවලදී බහුල වශයෙන්ම අවශ්‍ය සේපාලිකා පුෂ්පය පුරාණ ග්‍රන්ථවල සඳහන් ආකාරයට කිරි මුහුද කලම්බන විට හමුවූ වැදගත් පුෂ්පයක්. ඒ තරමටම මේ ශාකයට සුවිශේෂත්වයක්, ගෞරවයක් ලබාදී තිබෙනවා. සේපාලිකා කියන්නේ දේශීය වෙදකමේ වගේම හෝමියෝපති වෛද්‍ය ක්‍රමයෙත් ඔෟෂධයක්. සේපාලිකා පත්‍ර ඉස්ම ඕනෑම උණකට මී පැණි සමඟ පානයට දෙනව නම් උණ තත්ත්වය ඉක්මනින්ම සමනය වනවා. අපේ දේශීය වෙදකමේදී නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට සේපාලිකා ඇට සහ කොළ කෂායක් ලෙස දීම මඟින් ලෙඩ රෝග සුව කරන්නත් අපි කටයුතු කරනවා. සේපාලිකා කොළ කළං 12ක් අරගෙන වතුර පත අටක් එයට දමා හොඳින් මුට්ටියක තම්බා පත එකට සිඳගෙන උදේ සවස පත භාගය බැගින් පානය කරන්න. එමඟින් ශරීරයේ අප්‍රාණිකත්වය මඟහරවා ඕනෑම උණ රෝගයක් සුවකරගන්න පුළුවන්. ඒ වගේම මේ කෂාය පණු රෝගයටත් ගුණදායකයි.

සමහර අයගේ කකුල්වල උඩ තද කැක්කුමක් දැනෙන අවස්ථා එනවා. එය ආයුර්වේදයේ හඳුන්වන්නේ 'උෟරුස්තම්භ' කියලයි. එවන් වේදනා අවස්ථාවලදී සේපාලිකා කොළ ග්‍රෑම් 60ක් පමණ අරගෙන එය මුට්ටියකට දමා වතුර පත අටක් මිශ්‍රකර එය පත එකට සිඳගෙන තිප්පිලි ස්වල්පයකුත් එයට මිශ්‍රකර උදේ සවස පත භාගය බැගින් දින කිහිපයක් පානය කරන්න. උෟරුස්තම්භය සුවකර ගන්න එය කදිම ඔසු පානයක්.
සේපාලිකා මුල් අරගෙන කොටා ගත් ඉස්ම නස්න කිරීමේ ඔෟෂධයක් ලෙසත් භාවිත කරනවා. ඇතැම් අයගේ නාසයෙන් ලේ ගැලීමේ අවස්ථාවලදී මෙය කදිම ඔෟෂධයක්. ශරීරයේ හන්දි ඉදිමුම්, කැක්කුම්, වේදනා වැනි අවස්ථාවලදී සේපාලිකා කොළ කොටා තලපයක් ලෙස සාදා ඒ වේදනා ඉදිමුම් ස්ථානයේ ආලේප කරන්නත් ඔබට පුළුවන්. එය කදිම ඔෟෂධීය ආලේපයක්.

සේපාලිකා මලේ නටුව තැඹිලි පාටින් සමන්විත නිසාම විවිධ ඩයි වර්ග සාදන්නත් මේ මල් භාවිත කරනවා. පුරාණයේ විවිධ සුරා වර්ග වර්ණ ගන්වන්නත් සේපාලිකා මල් නටු අරගෙන තිබෙනවා.
ඒ වගේම සේපාලිකා ඇට කුඩුකර වතුර ස්වල්පයක් සමඟ මිශ්‍ර කර නෑමට පෙර හිසේ ආලේප කරනව නම් ඉස්හොරි, උකුණන් වැනි උවදුරුවලින් මිදීමටත් පැහැපත්, දිගු හිසකේ කලඹක් ලැබීමටත් එය කදිම ඔසුවක්. ඇතැම් අයගෙ ඉකිළි, කිසිලි කැසීමේ අවදානම් අවස්ථාවලදී හොරි දද ඇතිවීමේ ප්‍රවණතාවක් පවතිනවා. එවිට සේපාලිකා කොළ කොටා ඒ හොරි දද ස්ථානවල සිහින් ලෙස ආලේප කරන්න. නැතිනම් සේපාලිකා කොළ කොටා එයට තල තෙල් ස්වල්පයක් මිශ්‍ර කර ළිපේ තබා රත්කර මඳක් නිවුණු පසුව කුෂ්ඨවල, හොරිවල, දදවල ආලේප කරන්න. දිනපතා උදේ සවස දින කිහිපයක් මෙය කරනව නම් ඉතාමත් සුවදායකයි.
අර්ශස් රෝග සුවපත් කරන්නත් සේපාලිකා ඔෟෂධය ගුණදායකයි. සේපාලිකා ඇට හොඳින් අඹරාගෙන අර්ශස් ගෙඩිවල දිනකට දෙවරක් හෝ ආලේප කළොත් අර්ශස් රෝගයෙන් සුවයක් ලබන්නත් ඔබට පුළුවන්.

සමහර අවස්ථාවලදී අත්වල, කකුල්වල, හන්දිවල ඉදිමුම් වේදනා ඇති වෙනවා. එවන් අවස්ථාවලදී සේපාලිකා මල් කෂායක් ලෙස බොනව නම් සුවදායකයි. සේපාලිකා මල් කෂාය ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත රෝගවලටත් ඉතාම සුවදායකයි.
සේපාලිකා ඇට හොඳින් තම්බලා දිනපතාම උදේට ඒ තැම්බූ දියරින් හිස සෝදනව නම් උකුණන්, හිස්හොරි මර්දනයටත් දිගු කෙස් කලඛක් ලැබීමටත් එය ගුණදායකයි.
කල්ගතවූ සුව නොවන කැස්සකදී සේපාලිකා කොළ ඉස්ම තේ හැන්දකට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර දිනපතා උදෑසන බොන්න. ඉක්මනින් ඕනෑම කැස්සක් සුවපත් කිරීමට එය කදිම ඔෟෂධයක්. පණු අමාරු අවස්ථාවලදී දරුවන්ට නිවාඩු කාලයේ සේපාලිකා කොළ ඉස්ම අරගෙන, එයට සහිඳ ලුණු, මී පැණි ස්වල්පයක් දාලා බීමට දෙන්න. එවිට පණු රෝග ඇතිවීමේ අවදානම නැති වෙනවා.

ඔබ විශේෂයෙන්ම සිහි තබා ගත යුතුයි ඕනෑම රෝගයකට සේපාලිකා ඔෟෂධයේ යුෂ පානය කරද්දී උපරිම තේ හැන්දක් පමණ ප්‍රමාණයක් ගන්න. මේ සුළු තරමක් තිත්ත නිසා සීනි හෝ මී පැණි ස්වල්පයක් සමඟ පානය කරන්නත් ඔබට පුළුවන්.
ප්ලීහාව ඉදිමුණු රෝගීන්ට ඒ තත්ත්වයෙන් මිදෙන්න සේපාලිකා මුල් කෂාය ඉතාම යෝග්‍යයි. ඒ වගේම තමයි හන්දි අමාරු කොන්ද කැක්කුම් වැනි අවස්ථාවලදී ඒ රෝගයන් සුවකර ගන්න සාදාගත හැකි තෙලක් ඔබට කියන්නම්. එය සාදාගන්නේ මෙහෙමයි. සේපාලිකා කොළ කොටා ගත් ඉස්ම ස්වල්පයක් අරගෙන එයට තල තෙල් ස්වල්පයක් මිශ්‍ර කර ළිපේ රත් කර වතුර වැනි ස්වභාවය සිඳී තෙල් පදමට ආ පසු ළිපෙන් බා ගන්න. නිවුණට පසුව සුළං නොවදින බෝතලයකට එය දමාගෙන විටින් විට හන්දි වේදනා, තුනටිය අමාරු වැනි ස්ථානවල ආලේප කරනව නම් ඒ වේදනා සුවකර ගන්න මෙය කදිම
ඔෟෂධීය තෛලයක්.

සේපාලිකා මල් මඳ පවනේ වියළා කුඩු කරගෙන තේ කුඩු වෙනුවට ගොටුවට ස්වල්පය බැගින් දමා උණු වතුරින් තම්බාගෙන දිනපතා බොනවා නම් නින්ද නොයෑමේ රෝගයට එය කදිම පානයක්. නින්ද නොයෑම නැති කර ක්‍ෂණිකව නින්ද ලබාදීමේ ශාන්ති ගුණයක් මේ ඔෟෂධීය පානය සතුව පවතිනවා. අපේ ඉතිහාසයේ මහා විහාරය ආශ්‍රිතව වැඩ විසූ භික්‍ෂුන් වහන්සේ මේ ඔෟෂධීය පානය පානය කර තිබෙන බව සඳහන්.
ස්ත්‍රීන්ගේ ආර්තව රෝගවලදී සේපාලිකා මල් කෂාය පානය කිරීම ඉතාම සුදුසුයි.

පෙර පැවැසූ ආකාරය සාදාගත් සේපාලිකා තෙල් බින්දු කිහිපයක් (තල තෙල් හා මිශ්‍රව සාදාගත්) වෙළෙඳපොළේ ඇති නාරායන තෛලය හෝ පිණ්ඩ තෙල් ස්වල්පයක් සමඟ මිශ්‍රකර හන්දි වේදනාවල ගානව නම් ක්‍ෂණිකව හන්දිපත් වේදනාවලට සුවයක් ලබන්නත් පුළුවන්.

ඒ වගේම උණ රෝගවලදී සේපාලිකා තෛලය අතුල් පතුල්වල ආලේප කරල සම්බාහනය කරනව නම් ඉක්මනින්ම උණ තත්ත්වයන් සුවතට හැරෙනවා.
සේපාලිකා කොළ කිලෝ ග්‍රෑම් එකක් අරගෙන එය වතුර ලීටර් 3කට දමා එය ළිපේ තබා රත්කර වතුර ලීටරයකට පමණ සිඳගෙන වරකට කෝප්පයක් වගේ හිස් බඩට බොනව නම් කොන්දේ කැක්කුම් සුවකර ගන්න පුළුවන්. ඉතිරි කොටස ශීතකරණයක තබාගෙන අවශ්‍ය වේලාවට නටවා කෝප්පය බැගින් බොන්න ගන්නව නම් එය ඉතාම ගුණදායකයි.

මී මැස්සන්, දෙබරුන් වැනි සත්තු දෂ්ට කළ විටකදී සේපාලිකා කොළ අඹරා ඒ දෂ්ටනය වූ ස්ථානයේ ආලේප කරනව නම් ඒ සර්ප විෂ ඉක්මනින් මාරණය වනවා. ඇතැම් අවස්ථාවලදී වයිරස් වැනි උණ තත්ත්වවලද රුධිර පට්ටිකා ගොඩක් අඩු වෙන්න පුළුවන්. එවන් අවස්ථාවලදී සේපාලිකා කොළ කිහිපයක් අරගෙන ගම් මිරිස් ඇට කිහිපයක් හා අඹරා වතුර පතකට දමා එය භාගයක් ලෙස සිඳුවා පැය ගාණකට වාරයක් බැගින් උගුර උගුර පානය කරන්න. ශරීරයෙන් අඩුවී ගිය රුධිර පට්ටිකා වර්ධනයට එය කදිම ඔෟෂධීය පානයක්.

උණත් සමඟ තද කැස්ස ඇති වුණ අවස්ථාවකදී සේපාලිකා පොතු ග්‍රෑම් 3ක් වගේ අරගෙන එයට සේපාලිකා කොළ හතක් අටක් වගේ ප්‍රමාණයකුත් මිශ්‍රකර මදුරුතලා කොළ පහක් පමණ එයට දමා වතුර පත 3 කට දමා පත එකකට සිඳුවා දිනකට තුන්වරක් බැගින් දින 3ක් පමණ පානය කරන්න. උණ සමඟ ඇතිවන තද කැස්ස සුව කර ගන්නත් එය කදිම
ඔෟෂධයක්.

වෙළෙඳපොළ මට්ටමින් සේපාලිකා ඔෟෂධය අඩංගු ඔෟෂධ නැති වුණත් නේවාසිකව දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබන රෝගීන්ගේ උණ වැනි රෝග තත්ත්ව සුව කරගන්න මේ ඔෟෂධය නිරන්තරයෙන් භාවිත කරනවා. සේපාලිකා කියන්නේ අගනා පූජනීය ශාකයක්. ඒ වගේම සුගන්ධවත් ශාකයක්. ඊට අමතරව ලෙඩ රෝග රැසක් සුවකර මිනිසාට ජීවයෙන් ජීවයක් ලබා දෙන අද්විතීය ඔෟෂධයක්.

-mawbima-


Post a Comment

Previous Post Next Post

Total Pageviews

Translate